විද්‍යුත් වාහන ආනයනය ගැන අලුත් කතාවක්

වසර 3ක් දක්වා පැරණි විද්‍යුත් වාහන නැවත ගෙන්වීමේදී බදු සහන විශමතා ඉවත්කිරීමට කඩිනමින් කටයුතු කළයුතු බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. 

එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ අද දෙරණට මේ බව පැවසීය.

එසේම වාහන ගෙන්වීම නැවත ආරම්භ කිරීමේ යෝජනා පිළිබඳවද වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා වැඩිදුරටත් අදහස් දැක්වීය.

“මේ ඉලෙක්ට්‍රික් වාහනයක් කියන එක හරි ගණන්. මොකද ඒ බැටරි හරි ගණන්. අවුරුදු 3ක් පරණ වාහන ගෙන්වන්න ඉඩදෙන්න කියලා මම අමාත්‍යංශයට දැනුම්දුන්නා. ලෝකේ ඉලෙක්ට්‍රික් වාහන තාක්ෂණයෙන් අනූනයි. ඒ වගේ ප්‍රශ්න තියෙන සල්ලි අඩු රටකට මම හිතන්නේ අනිසි මුදල් නාස්ති කරගැනීමක් කරගන්න ඕන නෑ. සාමාන්‍යයෙන් අවුරුදු 3ක් දක්වා පරණ ඉලෙක්ට්‍රික් වාහනයක් ගේන්න දෙන්න ඕන. ගියපාර බදු අයකරගැනීම් සකස් කරද්දී අවුරුද්දක් දක්වා පරණ වාහනවලට විතරයි ගොඩක් සහන දෙන්නේ. අවුරුදු දෙක, තුන වෙද්දී ඒක වැඩිවෙනවා. ඒ විෂමතාවයන් වළක්වලා අවුරුදු 3 දක්වා දුන්නොත් මේ කියන එක හරියයි එහෙම නැත්නම් තත්ත්වයෙන් ඉතාම පහළ ඉලෙක්ට්‍රික් වාහන මේ ක්‍රමය යටතේ ලංකාවට එන්න ඉඩ තියෙනවා. පළවෙනි එක තමයි රජය නියාමනයක් හදන්න ඕන. ක්ෂේත්‍රයේ ඉන්න අයත් එක්ක සාකච්ඡා කරලා පාරිභෝගිකයින් සහ ව්‍යාපාරිකයින් ආරක්ෂා කරන රටට හොඳ ක්‍රමයක් හදන්න ඕන. මොකද මෙතන ඉන්න නිලධාරීන් සහ දේශපාලනඥයන් ප්‍රායෝගික තත්ත්වය දන්නේ නෑ. ඒ තත්ත්වය නොදැන ගන්න තීරණ කිසිම ප්‍රයෝගිකත්වයක් නෑ. ඒ වගේ උනාම රටට වැඩක් වෙන්නේ නෑ. ජනාධිපතිතුමා නිසිලෙස අපි කියන දේවල් ඇහුවොත් වාහන ගෙන්වන එකත් නැවත සිදුකරන්න පුළුවන්.”

Leave a Reply

Your email address will not be published.