සීනි බදු වංචාව සිදුවූ හැටිත් හෙළිකෙරේ

පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩුදුන් සීනි බදු අඩුකිරීම සහ සතොස ආයතනයේ සීනි ගනුදෙනු පිළිබඳව ද විගණකාධිපතිවරයා නවතම විගණන වාර්තාවකින් සිදුවූ පාඩුව අනාවරණය කර ඇත.

එම වාර්තාවට අනුව සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබූ ආනයනික බද්ද රුපියල් 50 සිට සත 25 දක්වා අඩු කරමින් 2020 වසරේ ඔක්තෝබර් 14 වනදා ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර 2021 වසරේ පෙබරවාරි 08 වනදා සීනි සඳහා පනවා තිබූ පාලන මිලද රජය විසින් ඉවත් කරනු ලැබීය.

මෙම කාලය තුළ ලංකා සතොස ආයතනය වරින් වර පෞද්ගලික අංශයේ ආනයනකරුවන්ගෙන් සීනි මිලදී ගෙන අලෙවි කිරීම නිසා සිදුව ඇති අලාභය රුපියල් මිලියන 102ක් බව විගණන වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

එම විගණන වාර්තාවට අනුව සීනි ආනයනකරුවන් අතරින් අදාළ කාලසීමාව තුළ පිරමීඩ් විල්මා ආයතනය පමණක් සීනි ආනයනය සියයට එක්දහස් දෙසීය විසි දෙකකින් (1222%) ඉහළ ගොස් ඇති බවත් අනෙකුත් සියලුම ආනයනකරුවන් ඍණ මට්ටමක පවතින බවත් විගණකාධිපති වාර්තාවේ සඳහන් වෙයි.

මෙම බදු අඩුකිරීම හේතුවෙන් ආනයනික වෙළෙඳුන් වැඩි ආර්ථික වාසියක් අත්කරගෙන ඇති අතර සීනි බදු අඩුකිරීමේ වාසිය ජනතාවට ලැබී නොමැති බවද එම වාර්තාවේ සඳහන් විය.

සීනි බදු අඩු කිරීමෙන් රජයට වූ පාඩුව රුපියල් මිලියන දහසය දහස් හත්සිය අටක් (16,708,000) ක් බව විගණන වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published.