ඉන්ධන වංචා කළ පිරවුම්හලේ ලාබය 

කොළඹ මල්පාරේ ඉන්ධන පිරවුම්හලෙන් සිදුකර ඇති ඉන්ධන වංචාවෙන් අයතු ලෙස උපයා ඇති ලාබය ගැන අනාවරණය කර තිබේ.

ඒ මහජන උපයෝගීතා කොමිසම සහ මෙරටට ලිහිසි තෙල් ආනයනය කරන ලියාපදිංචි සැපයුම්කරුවන් අතර ඊයේ (30) පැවති සාකච්ඡාවේදීය

එහිදී මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ අදාළ ඉන්ධන පිරවුම්හලේ සිදුවූ වංචාවෙන් දිනකට රුපියල් ලක්ෂ 05ක් පමණ උපයා ඇති බවය.

“කොළඹ මල්පාරේ ඉන්ධන පිරවුම්හලක පොම්ප දෙකක් අපි මුද්‍රා තැබුවා. ජනතාවට පෙට්‍රල් නිකුත් කිරීමේදී නියමිත ප්‍රමාණයට අඩුවෙන් ඉන්ධන ලැබෙන පරිදි තමයි එතනදි නිකුත් වෙලා තිබුණේ. එක ලීටරයකට මිලිලීටර් 10ක් පමණ එහිදී අඩුවෙලා තිබුණා. රුපියල් 5 ගානේ ලක්ෂ 5ක් විතර දිනකට.”

Leave a Reply

Your email address will not be published.