ඉන්දුනීසියාවේ පාපන්දු පිටියක ඛේදවාචකයක්

ඉන්දුනීසියාවේ පාපන්දු තරගයක් අතරතුර ඇතිවූ කලහකාරී තත්ත්වයක් හේතුවෙන් ඇතිවූ තෙරපීමකින් පුද්ගලයන් 127 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මියගිය පුද්ගලයින්ගෙන් දෙදෙනෙකු පොලිස් නිලධාරින් බව සඳහන් වේ.

Arema FC සහ Persebaya Surabaya යන කණ්ඩායම් දෙක අතර පැවති තරගයෙන් Arema කණ්ඩායම 3-2ක් ලෙස පරාජයට පත් වූ වත් සමග ක්‍රීඩාංගනයේ ගැටුම්කාරී තත්ත්වයක් ඇති වූ බව වාර්තා වේ.

පසුව පොලිස් නිලධාරීන් විසින් ගැටුම්කාරී තත්ත්වය සමතයකට පත් කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

කෙසේ වෙතත් විදෙස් වාර්තා සඳහන් කර ඇත්තේ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් සමග හුස්ම ගැනීමට අපහසු වූ පිරිස ක්ලාන්ත වී ඇද වැටි ඇති බවය.

ඒ සමගම ඇතිවූ තදබදය නිසා විශාල පිරිසක් මරණය ට පත්වී ඇති බව සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published.