ශ්‍රීලනිපයේ ඇතැමුන්ට තියෙන රෝගයක් ගැන මෛත්‍රී කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන්ට ආණ්ඩු පක්ෂයේ තනතුරු නොමැතිව සිටිය නොහැකි තත්ත්වයකට පත්ව සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනහමුවකදී අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.

“බණ්ඩාරනායක මැතිතුමාගේ ඝාතනයේ ඉදලාම එක දිගට මේ පක්ෂයට ප්‍රශ්නවලට මුහුණදෙන්න සිද්ධ වුණා. අපි 17 අවුරුද්දක් ජේ.ආර් ගේ ප්‍රේමදාස මහත්තයාගේ ආණ්ඩුවේ විඳින්න තියෙන දුක් ඔක්කෝම දුන්නා. මම හිරෙත් ගියා. බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ ප්‍රශ්නයේදී මම පොළොන්නරුවේ මහ පාරේ නිදියගෙන දෙතුන් දාහක් එක්ක. මාව කනෙන් අල්ලගෙන පස්ස පැත්තට පයින් ගහලා ජීප් එකේ දාගෙන ගිහිල්ලා අනුරාධපුරේ හිරගෙදර තිබ්බා මාස තුනක්. 17 අවුරුද්දක් දුක් වින්නඳා. අපේ කිසිකෙනෙක් ඒ ආණ්ඩුවකට ගියේ නැහැ ඇමතිකමක් ඉල්ලගෙන. සංස්ථාවක සභාපතිකමක් ඉල්ලගෙන ගියේ නැහැ. 1994 ඉඳලා 25 අවුරුද්දකට වැඩිය එකදිගට අපි රට පාලනය කරලා තියෙනවා. රටේ ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ.‍ ඉතින් ඒක නිසා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර අයට අසනීපයක් තියෙනවා, ආණ්ඩු බලය තුළ ඉඳලාම තනතුරු නැතුව බැහැ. ඒ්ක රෝගයක්. අපි මෙහෙම ඉතිහාසය තුළ පක්ෂ නායකයගේ ඉඳලා වැටිලා තියෙනවා. වැටිලා අපි ඔළුව උස්සලා තියෙනවා. ඒ් නිසා අපිට ඔළුව උස්සන්න බැරි කමක් නැහැ.”

Leave a Reply

Your email address will not be published.