රෝඩ් සේෆ්ටි ලෙජන්ඩ්ස් ශූරතාව ඉන්දියාවට

රෝඩ් සේෆ්ටි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 33කින් පරාජය කළ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම එහි ශූරතාව දිනා ගැනීමට සමත් විය. 

අවසන් තරගය ඊයේ(01) රායිපූර් හිදී පැවැත්වුණි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 195 කි.

ආරම්භක පිතිකරු නාමන් ඕජා නොදැවී ලකුණු 108යි.

නායක සචින් තෙන්ඩුල්කාර් කිසිදු ලකුණක් නොලබා සිටියදී පිටියෙන් ඉවත් කිරීමට නුවන් කුලසේකර සමත්විය .

විනේ කුමාර් ලකුණු 36යි. යුවරාජ් සිං ලකුණු 19ක් ලබාගත්තේය. 

ඉර්ෆාන් පතන් ලකුණු 11යි. යුසුෆ් ෆතාන් කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.

මේ අනුව රෝඩ් සේෆ්ටි ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 196කි.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 162ක් පමණි. 

ජීවන් මෙන්ඩිස් ලකුණු 20ක් අසේල ගුණරත්න ලකුණු 19 ක් නායක තිලකරත්න දිල්ෂාන් ලකුණු 11ක් සහ උපුල් තරංග ලකුණු 10ක් ලබාගත්තේය. දිල්ෂාන් මුණවීර ලකුණු 09යි.

ඉෂාන් ජයරත්න ලකුණු 51ක් සහ මහේල උඩවත්ත ලකුණු 26ක් ලබාගත්තේය.

Leave a Reply

Your email address will not be published.