හින්දු උත්සවයකට සහභාගී වී නැවත නිවෙස් කරා යමින් සිටි පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටරයක් ජලාශයකට පෙරළීමෙන් 26 දෙනෙක් මියගොස් ඇති බව උතුරු ඉන්දියාවෙන් වාර්තා වෙයි.
මියගොස් ඇති බහුතරය කාන්තාවන් සහ ළමයින් බව සඳහන් විය.
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කාන්පුර් නගරයේ ඝටම්පූර් නම් ප්‍රදේශයේදී එම අනතුර සිදුව ඇති අතර ඒ අවස්ථාවේ ට්‍රැක්ටර් ටේලරයේ 40 දෙනෙකු පමණ ගමන්කර තිබුණි.
එම සිද්ධියෙන් 10 දෙනෙක් පමණ තුවාල ලබා ඇති බව වාර්තා විය.