බ්‍රසීල ජනපතිවරණයෙන් හිටපු ජනපති ඉදිරියට

ඊයේ (02) බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයේ පෙරමුණ ගැනීමට හිටපු ජනාධිපතිවරයෙකු වූ ඉනීෂියෝ ලූලා ඩි සිල්වා සමත්ව තිබේ.

ඒ ප්‍රකාශිත ඡන්දවලින් සියයට 48ක් ජයග්‍රහණය කරමිනි.

වත්මන් බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ ද මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ නමුත් එහිදී ඔහුට දිනාගැනීමට හැකිවුණේ සියයට 43ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

ජනාධිපතිවරයෙකු තෝරාපත් කරගැනීම සඳහා ලබාගත යුතු සියයට 50ක ඡන්ද ප්‍රතිශතය දිනාගැනීමට කිසිම අපේක්ෂකයෙකු සමත්ව තිබුණේ නැත.

ඒ අනුව තවත් සති 4කින් ජනාධිපතිවරණයේ දෙවැනි වටය පැවැත්වෙනු ඇත.

Leave a Reply

Your email address will not be published.