කොල්ලය වැළැක්වූ පොලිස් නිළධාරීයාට ත්‍යාග සමඟ උසස්වීම්

තඹුත්තේගම පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට සිදු වූ කොල්ලකෑම නවතා කොල්ලකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් පොලිස් සැරයන් බී.ඒ. බුද්ධික කුමාර, උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර ඇති බව  පොලිස් මූලස්ථානය සඳහන් කරයි

පසුගිය දා තඹුත්තේගම පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට ගෙන ආ රු ලක්ෂ 223ක මුදලක් කොල්ලකෑමට උත්සාහ කළ අවස්ථාවේ දී එය වැළැක්වූ පොලිස් සැරයන් බී. ඒ බුද්ධික කුමාර මහතාට හැකි විය

ඒ අනුව ඔහුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය මත උප පොලිස් පරීක්ෂක තනතුර ට උසස් කළ බව පොලිස් මුලස්ථානය නිවේදනය කළේය.

එමෙන්ම ඔහු විසින් කළ නිර්භීත ක්‍රියාව වෙනුවෙන් “පොලිස් වීරතා” පදක්කම සහ ශ්‍රී ලංකා පොලීසිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 25ක මුදල් ත්‍යාගයක් ද බුද්ධික කුමාර මහතා පිරිනමා ඇති බව පොලිස් මාධ්‍ය අංශය නිවේදනය කරයි

Leave a Reply

Your email address will not be published.