දුම්රියට බිලි වූ තවත් ජීවිතයක්

රත්ගම පොලිස් වසමේ විජයරත්න මාවත ප්‍රදේශයේ පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී දුම්රියේ ගැටී තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගාල්ල දෙස සිට අම්බලන්ගොඩ දෙසට ධාවනය වූ දුම්රියේ ගැටුණු තරුණයා බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 22ක් වු ගම්මැද්දෙගොඩ, රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Leave a Reply

Your email address will not be published.