ලෝකයේ ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර පැවති ලෝක ශූරතා ක්රිකට් තරගාවලියේ දී එහි අනු ශූරතාවය දිනා ගත් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම අද (05) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .
ඔවුන් ඉන්දියාවේ මුම්බායි නුවර සිට , ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 142 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .
ඔවුන් පිළිගැනීම සදහා මෙම තරග සංචාරය සදහා අනුග්රහය දැක් වූ ඉන්පිරිටි වැකේෂන් ආයතනයේ නිලධාරීන් , ශ්රී ලංකා සංචාරක කාර්යාංශයේ නිලධාරීන් සහ සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නිලධාරීන් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ තිබුණි .