සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන “කිඹුලා ඇලේ ගුණා” ගේ සමීපතමයෙක්
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 76ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ග්‍රෑන්ඩ්පාස් වදුල්ල වත්ත ප්‍රදේශයේ දී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු සතුව තිබී සොයාගත් අයිස් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ විස්සක් පමණ වන බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු 43 හැවිරිදි පුද්ගලයෙකි.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරු ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වෙත භාරදී ඇත.