සුදුවෑන් නඩුවේ රජයේ දෙවැනි සාක්ෂිකරුට ප්‍රහාරයක්

ආන්දෝලනාත්මක සුදුවෑන් නඩුවේ රජයේ දෙවැනි සාක්ෂිකරු වන අතුල සංජීව මදනායක නැමැත්තාගේ කැලණිය පෙතියාගොඩ පිහිටි නිවස අසලදී කිසියම් පිරිසක් විසින් ඔහුට පහරදී දෑස් බැද වෑන් රථයකින් පැහැරගෙන ගොස් තිබුණේ පසුගිය 5 වනදාය. 

අදාළ සිද්ධියෙන් පසු තුවාල ලැබු ඔහු කොළඹ ජාතික රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබයි. 

අතුල සංජීව පැහැර ගැනුණු වෑන්රථය බියගම පට්ටිය හන්දිය ප්‍රදේශයේ පැය 02කට ආසන්න කාලයක් නවතාගෙන සිට පසුව එම ස්ථානයේදී ඔහුව රථයෙන් පිටතට ඇද දමා යළිත් රථය ඉදිරියට යන අයුරු ඒ අසල තිබූ සීසීටිවී කැමරාවක සටහන්වී තිබේ.  
 

Leave a Reply

Your email address will not be published.