බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළමින් තිරගත වන දකුණු ඉන්දීය ප්රවීණ චිත්රපට අධ්යක්ෂ මනිරත්නම්ගේ නවතම සිනමා පටය වන පොන්නියින් සෙල්වන් චිත්රපටයේ ආදායම ඊයේ (7) දින වන විට ඉන්දීය රුපියල් කෝටි 300 ඉක්මවා ගියේය.
තිරගත කොට හත්වැනි දිනය වූ ඊයේ (07) වන විට ලොව පුරා ලැබූ ආදායම ඉ. රු. කෝටි 325කි. පොන්නියින් සෙල්වන් චිත්රපටය සඳහා වියදම් වී ඇති මුදල ඉ.රු. කෝටි 500ක් බව පැවැසෙයි.