පසුගිය මැයි නව වැනිදා සහ ඒ ආසන්න දිනවල දී ට පුරා ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන්ට අදාළ සැකකරුවන් දෙසීයකට වඩා වැඩි පිරිසක් ආගිය අතක් නැති බව පොලිසිය සඳහන් කරයි.
එම කලහාකාරී සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වන 404 දෙනෙකු ගේ ඡායාරූප ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ ද දැනට අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙසීයකටත් අඩු පිරිසකි.
එම පිංතූර මාධ්‍ය ඔස්සේ පළ වීමෙන් පසු ඇතැමුන් තමන් පදිංචි ස්ථාන අතහැර ගොස් සිටින බවත් වාර්තා වෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිදුවීමට අදාළ සැකකරුවන් පිරිසක් ද එසේ සැඟවී සිටින බව පොලිසිය කියා සිටී.
අරගලයේ සිද්ධි වලට අදාලව සමස්ත සැකකරුවන් 4106 ක් පොලීසිය මගින් මේ වන විට අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග සිදු කරමින් සිටී.