තිරිසනුන්ටත් දෙවැනි වූ මිනිසුන්

ගලේවෙල, පට්ටිවෙල අක්කර 80 ප්‍රදේශයේ සුනඛයන් රැසකට වස මිශ්‍ර ආහාර ලබාදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ගලේවෙල පොලීසිය පවසයි.

ඊයේ (09) දිනයේ දී ගලේවෙල පොලීසියට ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකුගෙන් ලද පැමිණිල්ලක් මත අදාළ පරීක්ෂණ ආරම්භ කර ඇත.

ප්‍රදේශය පුරා සුනඛයින් 6දෙනෙකුගේ පමණ මළ සිරුරු තැන තැන වැටී තිබිය දී සොයාගැනීමට හැකි වු බව ප්‍රදේශවාසීන් පවසයි.

කුකුළු ගොවිපොළක් පවත්වාගෙන යන අයෙකු විසින් මෙම ක්‍රියාව සිදුකරන්නට ඇතැයි විශ්වාස කරන බවට පොලීසියට කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ව ඇති බව වාර්තා වේ.

මියගිය සුනඛයින් අතර පැටවුන් ලැබීමට සිටි ගැබ්බර සුනඛ ධේනුවක් මෙන්ම පැටවුන් සහිත බැල්ලියක් වේ.

එහි ගිය අප වාර්තාකරුට දැක ගත හැකි වුයේ මියගිය සුනඛයින් අතර ඉතා ශෝකයෙන් සිටි පුංචි බලු පැටියෙක් තම මියගිය මවගෙන් කිරි උරා බොමින් සිටින අයුරුය.

Leave a Reply

Your email address will not be published.