කදිරාන පාලම අසලට මළ සිරුරක් ගොඩ ගසයි

මට්ටක්කුලිය පොලිස් වසමේ කදිරාන පාලම අසල ගංතීරයට මළ සිරුරක් ගොඩගසා ති‌බේ.

ඊයේ (11) සවස් කාලයේ මට්ටක්කුලිය පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

එලෙස මියගොස් ඇත්තේ, 76 හැවිරිදි සෙබස්තියන් මාවත, කඳාන ප්‍රදේශයේ පදිංචි පුද්ගයෙකි.

මෘත දේහය සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂණය හා මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරීම සඳහා දේහය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් ඇත බව පොලීසිය පවසයි.

පශ්චාත් මරණ පරීක්ෂණය අද (12) සිදුකිරීමට නියමිත අතර මට්ටක්කුලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.