ජපානයේ එලළුව වගා ක්‍රමය සාර්ථකව මෙරට ක‍්‍රියාත්මකයි…

ජපානයේ එලවළු වගාව සදහා අති සාර්ථකව ක්‍රියාත්මක් කරන හරිතාගාර ක්‍රමවේදය මෙරට කෘෂිකර්මාන්තයට හදුන්වාදිමට පියවර ගෙන ඇති බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාවේ අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා නුවරඑලියේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදි මේ බැව් පැවසිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ.

උඩරට හා පහතරට එළවළු ගොවියාට එළුවළු වගාව සඳහා පොහොර හා රසායනික වියදම 50% ක් අඩු කරගනිමින් වර්තමානයේ පවතින එළවළු සඳහා වන මිල 50% ක් වැඩි කරගන්න ජපන් රටෙ අති සාර්ථකව ක්‍රියාත්මක වන හරිතාගාර ක්‍රමවේදයක් නුදුරු  දිනකින් මෙරට තුල ක්‍රියාත්මක කුරීමට සූදානම් බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසයි .

උඩරට හා පහතරට එළවළු වගාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ගනු ලබන සැලසුම් පිළිබඳව සාකච්ඡාවල තීරණ දැනුම්දීමක් වශයෙන් (11) නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ  මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා ඒ බැව් පැවසිය.

වැඩිදුරටත් අදහස් දැක්වමින්  අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ පසුගිය වසර හතරක කාලයක් පුරාවට සලකා බලන විට නොයෙකුත් ව්‍යසනකාරී තත්ත්වයන් හමුවේ ව පොහොර හා රසායනික ද්‍රව්‍ය හිඟයකට ගොවියන්ට මුහුණ දීමට සිදු වෙලා තිබෙනවා ,

මේ හේතුවෙන් එන්න එන්නම නිෂ්පාදන මිල වැඩි වීමත් සමගම එළවළු සඳහා ලැබෙන මුදලින් ලාභයක් ඉපයීමට ගොවියාට නොහැකිවීමෙන් දැඩි අසරණ භාවයකට පත්ව තිබීම අපට ගොවීන්ගේ මැසිවිලි හරහා දැන ගන්නට පුළුවන් ,

ගොවියා පත්ව තිබෙන මෙන දුක්ඛිත තත්වයෙන් ඔහුන් මුදවගන්න කටයුතු කිරීම අපගේ වගකීමක් හා යුතුකමක් කියලා අපි හිතනවා ,

මේ පිළිබඳව අපි සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවක් හැටියට මෙරටට එළවළු බීජ ආනයනය කරනු ලබන ප්‍රධාන සමාගම් කීපයක් සමග සෘජුව සම්බන්ධ වෙමින් සිදුකල සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් පොහොර වියදම් අඩුකර ගනිමින් උඩරට හා පහතරට එළවළු අධික  මිලකට අලෙවි කරගත හැකි හරිතාගාර වගා ක්‍රමය ඉදිරි මාස කිහිපය ඇතුළත මෙරට ගොවීන්ට හඳුන්වා දීමට හා එය ප්‍රචලිත කිරීමට මේ  වනවිට කටයුතු සූදානම් කරමින් පවතිනවා ,

මේ ක්‍රමය හරහා එළවළු වගා කිරීමේදී දැනට වියදම් වන පොහොර ප්‍රමාණයට වඩා හරි අඩක් අවම කර ගැනීමට හැකියාව ලැබෙන අතර නොයෙකුත් විෂ කිරණයන් සහ පාරිසරික බලපෑම්වලට හසු නොවන හරිතාගාර තුල රෝපණය කරන එළවළු සඳහා පිට රටවල දැඩි ඉල්ලුමක් පවතින අතර දැන් පවතින මිල ගනන් වලට වඩා දෙගුනයක් වැඩි මුදලකට අපට එළවළු ටික විකුණාගන්න පුළුවන් වෙනවා ,

ඒත් එක්කම අපට එම එළවළු අපනයනය කරන්නත් අවස්ථාව ලැබෙනවා ,

මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යංශය හා බලධාරීන් සියල්ල අප ආර්ථික මධ්‍යස්ථානය එකමුතුව  විසින් දැනුවත් කර තිබෙනනවා ,

කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා මෙම කරුණ හා සම්බන්ධ වැඩි අවධානයක් යොමු කරමින් විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් මේ සඳහා අවශ්‍ය අවසරය ලබාදීමට කටයුතු කරන ලෙස ,

කැබිනට් අනුමැතිය ලැබෙන කළ මාසයක් ඇතුළත හරිතාගාර ලබාදීමට සුදුසුකම් සපුරන ගොවි මහතුන් තෝරා ගැනීමේ වැඩපිළිවෙළක් අප මේ වනවිටත් සකස් කර අවසන් ,

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය සුදුසුකම වන්නේ එළවළු කළ හැකි වර්ග අඩි 1500ක වගා බිමක තැනිතලා භූමි ප්‍රදේශ පමණයි .

අපි මෙන්ම ක්‍රමවේදය අරහා හරිතාගාරයක් නිර්මාණය කිරීමට මෙම රටේ වියදම් වනවාට වඩා 50% ක වට්ට මුකුත් ගොවියන්ට ලබාදීමට ලබාදීමට සූදානම් වනවා , මොකද මේ සඳහා අවැසි සියලුම පහසුකම් හා අමුද්‍රව්‍ය ජපන් රටෙන්ම ගෙන්වීමට අපේක්ෂා කරනවා ,

මෙම ක්‍රමය ක්‍රියාත්මක වූවානම් එදා සිටි ගොවියාගේ දැවෙන ප්‍රශ්න රාශියකට විසඳුම් ලබා ගත හැකි බවද එතම පැවසීය .

Leave a Reply

Your email address will not be published.