රේගුවේ රඳවා ඇති සහල් කිලෝ මිලියනයක් මුදාහැරීමට පියවර

රේගුව මඟින් වසර ගණනාවක් වරායේ රඳවාගෙන ඇති කන්ටේනර්වල ඇති සහල් කිලෝග්‍රෑම් මිලියනයක් මුදාහැරිමට පියවර ගන්නා බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ප්‍රමාද ගාස්තු නොගෙවීම හේතුවෙන් රඳවාගෙන තිබූ කන්ටේනර් 79ක එම සහල් තොගය ඇති බවය.

වරායේ සහ රේගුවේ නිලධාරින් සමග ඊයේ (12) පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකදී එම තීරණය ගෙන තිබේ.

කොළඹ වරායේ පවතින අධික තබදය අවම කිරීමට දැනට රේගුව මඟින් එහි රඳවාගෙන ඇති කන්ටේනර් 950කට අධික ප්‍රමාණයක් ප්‍රමාද ගාස්තුවලින් තොරව මුදාහැරිමට මෙහිදී තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

අදාළ කන්ටේනර්වල සහල්වලට අමතරව කරුන්කා සහ කහ තොග පවතින අතර ප්‍රමුඛතා ලැයිස්තුවක් යටතේ ඒවා මුදාහැරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.