ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ තාප්ප වලින් වටකල සුපිරි නිවසක යන්ත‍්‍රානුසාරයෙන් කසිප්පු පෙරයි..

අලුත්ගම කළුවාමෝදර සිරිපති පාර, ප්‍රදේශයේ පුසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ තාප්ප වලින් වටකර ඇති සුපිරි නිවසක් තුල යන්තුානුසාරයෙන් නීති විරෝධීව කසිප්පු නිෂ්පාදනය කරමින් සිටියදී පනස් හැවිරිදි එම ව්‍යාපාරිකයා සහ ඊට  සහය වූ 48 හැවිරිදි අයෙකු වන සැකකරුවන් දෙදෙනෙකු සමග එම නීති විරෝධී කසිප්පු නිෂ්පාදනාගාරයේ තිබූ නඩු භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය පැවසීය.

එම සුපිරි නිවස පොලිසිය වටලන විටත් නීති විරෝධී කසිප්පු පෙරමින් සිටි බව වැටලීම සිදු කළ නිලධාරීන් පැවසීය.

එහි තිබූ කසිප්පු නිෂ්පාදනය සදහා සකස් කල ලීටර් 100 සුදු යකඩ ටැංකි 1, ලීටර් 200 සුදු යකඩ ටැංකි 1, නල 4 ගෑස් ලිප් 1, ගෑස් ටැංකි 2, සුදු යකඩ බට, ගෝඩා ලීටර් 800 සහිත බැරල් 4, ක් පෙරමින් තිබූ කසිප්පු ලීටර් 20, ක් සමග මෙම සැකකරු ජාතික ජල ජල සම්පාදන මණ්ඩලයට අයත්පුධාන නල ජල මාර්ගයෙන් අයථා ලෙස ජලය ලබා ගැනීමට උපයෝගී කරගත් අගල් 1 පුමානයේ අඩි 200 ක රබර් බට 2, ක් ලීටර් 1000 වතුර ටැංකි 1,ක් සුදු යකඩ ටැංකි රදවන යකඩ රාක්ක 1,ක් ඇතුළු භාණ්ඩ වැටලීම සිදු කළ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේන බව කියයි 

Leave a Reply

Your email address will not be published.