ශ්රී ලංකාවට අන්තර්ජාලය ගෙන ආවේ මහින්ද රාජපක්ෂ මහතා විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
2005 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වන විට මෙරට අන්තර්ජාල පහසුකම් තිබුණේ 5%ක පමණ ප්‍රමාණයකට බවද හෙතෙම පැවසීය.
මහින්ද මහතා ගෙන ආ අන්තර්ජාලයෙන්ස අද ඔහුට ෆේස්බුක් හරහා මයිනා කියා පහර ගසන බවද හෙතෙම සඳහන් කළේය.
පොලොන්නරුවේදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.