කුකුළු මස් හා බිත්තර සැපයීම බරපතල අර්බුදයක…

2023 වසරේ දී මෙරට කුකුල් මස් හා බිත්තර නිෂ්පාදන කර්මාන්තය බරපතළ අර්බුදයකට පත් වනු ඇති බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

සත්ව ආහාර හිගය හා ඒවායේ මිල ඉහළ යාම මෙන්ම මව් සතුන් ආනයනය අවම වීම මීට හේතු වන බවද ඔහු පැවසීය.

කෙසේ වුවද සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස්දහසක් ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය මගින් ආනයනය කිරීමට සැලසුම් කර ඇති බවද පැවසූ ඔහු කුකුළු මව් සතුන් ආනයනය කිරීමට ද අවධානය යොමුව ඇති බවද කියා සිටියේය.

මෙම මව් සතුන් අසූදහසක් පසුගිය වසරේ ආනයනය කළ ද ඩොලර් හිගය හේතුවෙන් මෙම වසර තුළ ආනයනය කර ඇත්තේ හත් දහසක් පමණක් ඔහු තවදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.