ජනතාව බඩගින්නේ.. මෙවර නත්තල් සැමරුම් එපා..- අගරදගුරු

එළැඹෙන නත්තල වෙනුවෙන් සැමරුම හා සැරසිලි කිරීම අත්හිටු වීමට කටයුතු කරන්නැයි කොළඹ අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල්තුමා ඉල්ලා සිටියි.

රටේ තත්වය සලකා මෙම නත්තලේදී පල්ලි සහ වෙනත් ස්ථාන අලංකාර කිරීමට මුදල් නාස්ති නොකළ යුතු බවද රදගුරුතුමන් කියා සිටියහ.

අද වන විට කුසගින්නෙන් පෙළෙන මිනිසුන් බොහෝ වන බවත් එනිසා මේ වසරේ නත්තලට කළ යුතු එකම දෙය දුප්පත් ජනතාවට ආහාර වේලක් ලබාදීම බවත් හිමියන් පැවසූහ.

අගරදගුරු තුමන් මේ බව කියා සිටියේ මීගමුව ශාන්ත තෙරේසා දේවස්ථානයේ පැවති ආගමික වතාවත් සිදුකරමින් කිරීමේ අවස්ථාවේදීය.

Leave a Reply

Your email address will not be published.