ත්‍රිත්ව ඝාතනයට යතුරුපැදිය ලබාදුන් පුද්ගලයාව අල්ලයි

මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ දී පසුගිය දා සිදු වූ ත්‍රිත්ව ඝාතනය සම්බන්යෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 6 වැනිදා මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ දී පියා සහ පුතුන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීම සඳහා ඝාතකයින්ට ගමන් කිරීම සඳහා යතුරුපැදියක් ලබා දෙමින් මිනීමැරීම සඳහා ආධාර අනුබලදී සම්බන්ධයෙන් එම යතුරුපැදියේ හිමිකරුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (17) මිනුවන්ගොඩ පීල්ලවත්ත ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් විසින් එම සැකරුව අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 51 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකි.

සැකකරු අද (18) මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.