නෙදර්ලන්තයට තියුණු ජයක්

නැමීබියා කණ්ඩායමට එරෙහි තරගයෙන් කඩුලු 5ක තියුණු ජයක් ලබාගැනීමට නෙදර්ලත්න කණ්ඩායම සමත්විය.

ඒ අනුව සෘජුවම නැමීබියා කණ්ඩායමට සුපිරි 12 දෙනා අතරට පිවිසීමේ අවස්ථාව අහිමිවිය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නැමීබියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 121ක් රැස්කරගැනීමට සමත්විය.

Jan Frylinck නැමීබියාව වෙනුවෙන් ලකුණු 43ක් රැස්කර ගත්තේය.

Bas de Leede නෙදර්ලන්තය වෙනුවෙන් කඩුලු 2ක් දවාගැනීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තය කඩුලු 5ක් දැවී පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසුකළේය.

එහිදී විශිෂ්ට ආරම්භයක් ලබාගත් නෙදර්ලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන Max O’Dowd, Vikramjit Singh, Bas de Leede පිළිවෙලින් ලකුණු 35,39 සහ 30ක් රැස්කරමින් ඉනිම ශක්තිමක් කළේය.

JJ Smit නැමීබියාව වෙනුවෙන් කඩුලු 2ක් දවාගැනීමට සමත්විය.

තරගයේ වීරයා වූයේ නෙදර්ලන්ත කණ්ඩායමේ Bas de Leedeය.

Leave a Reply

Your email address will not be published.