තවත් වෙඩිතැබීමක් – දරුවෙකුටත් තුවාල

යක්කලමුල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් දරුවෙක් ඇතුළු තිදෙනෙක් තුවාල ලබා තිබේ.

එලෙස තුවාල ලබා ඇත්තේ 3 හැවිරිදි දරුවෙක් බවද වාර්තා වෙයි.

යතුරුපැදියකින් පැමිණ ඇති දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

අද (19) උදෑසන 11.30ට පමණ මෙම වෙඩිතැබීම සිදුවී ඇත්තේ යක්කලමුල්ල කළුවලගල ප්‍රදේශයේදීය.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Leave a Reply

Your email address will not be published.