දැඳුරු ඔයට ටිපර් රථයක් පෙරළෙයි

දැඳුරු ඔයට ටිපර් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් එම රථයේ රියදුරා මියගොස් තිබේ. 

ඊයේ (18) රාත්‍රී 11ට පමණ ඉබ්බාගමුව, කිරිදිගල්ල ප්‍රදේශයේදී එම අනතුර සිදුව ඇති බව අප වාර්තාකරු පැවසීය.

රිදීගම දෙස සිට ගොකරැල්ල දෙසට කළු ගල් රැගෙන යමින් සිටියදී රියදුරුට නින්ද යෑම හේතුවෙන් එම අනතුර සිදුව ඇතැයි පොලිසිය සැක කරයි.

අදාළ අනතුරින් මියගොස් ඇත්තේ, මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුරින් කිරිදිගල්ල පාලමට ද හානි සිදුව ඇත.

සිද්ධිය සම්බන්ධව මදුරාගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.