අද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ සාර්ථකත්වය 21.5% යි

ශ්‍රී ලංකා මහ බැංකුව අද (19) දිනයේ දී රු. මිලියන 75,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබුණි.

ඒ සඳහා රු. මිලියන 108,780 ක ලංසු ප්‍රමාණයක් ලැබුණු බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටී.

කෙසේවෙතත් එම ලැබුණු ලංසු අතුරින් පිළිගෙන ඇත්තේ රු. මිලියන 16,123 ක ලංසු ප්‍රමාණයක් පමණි. එනම් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්‍රමාණය මෙන් 21.5% ක් පමණි.

පොලී අනුපාතික පසුගිය සතියේ පැවති මට්ටමේම පවතී

Leave a Reply

Your email address will not be published.