ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් අක්කර හාරලක්ෂයක් පිළිබඳ තොරතුරු සොයාබලා වාර්තා කරන ලෙස කෝප් කමිටුව ඊයේ (21) එම කොමිසමට නියෝග කළේය.
ඒ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට එම කොමිෂන් සභාවේ නිලධාරීන් කැඳවූ අවස්ථාවේදීය.
එහිදී අදහස් දැක්වූ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා,
“ඔබලා සතු ගිණුම්වල ඉඩම්වල වටිනාකම තිබෙන්නේ මිලියන 676යි. ඉඩම් අක්කර ලක්ෂ 18 වටිනාකම මිලියන 676යි වෙන්න බැහැ. එතකොට අක්කරයක් වෙන්නේ රුපියල් 373ක් වගේ. මේක නිවැරදි වෙන්න ඕනේ.”
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා,
“මම දන්නෑ කව්ද මේක තක්සේරු කරන්නේ කියලා. පර්චස් එක රුපියල් 2යි.”
මේ පිළිබඳ වැඩි විස්තර වීඩියෝවෙන් නරඹන්න..