ඉන්දියාවට තියුණු ජයක්

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටය යටතේ සහභාගී වූ පළමු තරගය ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණි.

ඒ පාකිස්තාන කණ්ඩායම කඩුලු 4කින් පරාජයට පත්කරමිනි.

තරගයේ කාසිය වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තාන කාණ්ඩායමට ලබාදී තිබුණි. 

ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ දී කඩුලු 8ක් දැවී ලකුණු 159ක් ලබාගත්තේය.

එහිදී පාකිස්තාන ඉනිම වෙනුවෙන් ෂාන් මසූඩ් නොදැවී ලකුණු 52ක් රැස්කළ අතර ඉෆ්තිකාර් අහමඩ් ලකුණු 51ක් රැස්කළේය.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් හර්දික් පාණ්ඩ්‍යා සහ අර්ෂ්දීප් සිං කඩුලු 3 බැගින් දවාගත්හ.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා ලකුණු 160ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම කඩුලු  5ක් දැවී ජයග්‍රහණය වාර්තාකළේය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විරාත් කෝලි නොදැවී ලකුණු 82ක් රැස්කළ අතර හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 40 රැස්කළේය.

Leave a Reply

Your email address will not be published.