ජපන් හරිතාගාර තාක්ෂණය සහ යන්ත්‍ර සුත්‍ර මෙරටට…

ජපන් රටේ කෘෂිකර්මාන්තය සදහා භාවිතා කරනු ලබන හරිතාගාර , නවිනතම තාක්ෂණය සහ යන්ත්‍ර සුත්‍ර මෙරටට හදුන්වා දිමේ වැඩපිලිවෙලක් සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා සමග එක්ව මෙරට ගොවින්ට හදුන්වාදිමට කටයුතු කරන බව ජපානයේ වසර 20 ක් පදිංචිව සිටින දහනායක බණ්ඩාර මහතා පැවසිය.

මේ දිනවල දිවයිනට පැමිණ සිටින දහනායක බණ්ඩාර මහතා මාවනැල්ල ප්‍රදේශයේ ගොවියෙකුගේ පුත්‍රයෙකු වන අතර , ඔහු ජපනයේ වසර 20 ක කාලයක් ව්‍යාපාරිකයෙකු වශයෙන් කටයුතු කරනු ලබයි.

නුවරඑලිය ප්‍රදේශයේ එලවළු ගොවින්ගේ ගැටළු සම්බන්ධයෙන් (22) දින සොයාබැලිම සදහා නුවරඑලියට පැමිණි අවස්තාවේ මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් දහනායක බණ්ඩාර මහතා කියා සිටියේ මෙරට කාලගුණ විපර්යාස වලට අනුව සාර්ථකව ගොවිතැන් කිරිමට නම් හරිතාගාර සංකල්පය සාර්ථක ක්‍රියාවලියක් බවයි.

ජපානයේ හරිතාගාර භාවිතා කරමින් මහ පරිමාණයෙන් ගොවිතැන් කටයුතු සිදු කරන බවත්, එම හරිතාගාර ඉතා අඩු මුදලකට කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව හරහා මෙරට ගොවින්ට හදුන්වා දිමට හැකි බවත්, මෙරට ගොවින් කිහිපදෙනෙකු ජපානය වෙත රැගෙන ගොස් එරට කෘෂිකර්මාන්තය පිලිබදව දැනුමක් ලබාදිමට තමන් අදහස් කරන බවද දහනායක බණ්ඩාර මහතා පැවසිය.

තවද කෘෂිකර්මාන්තය සදහා ජපානයේ නවින තාක්ෂණය සහ යන්ත්‍ර සුත්‍ර භාවිතා කරන බවත්, එම නවිත තාක්ෂණය සහ යන්ත්‍ර සුත්‍ර මෙරට ගොවින්ට හදුන්වා දිමට වත්මන් ජනාධිපතිවරයා සහ කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා පියවර ගත යුතු බවයි දහනායක බණ්ඩාර මහතා කියා සිටියේ.

මෙම මාධ්‍ය හමුවේදි අදහස් දැක් වු සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතාකියා සිටියේ තමන් ජපානයට ගොස් එරට කෘෂිකර්මාන්තය පිලිබදව අධ්‍යනයක් කර මෙරටට පැමිණ මෙරට ගොවින් නගා සිටුවිමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

මේ සදහා කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයාගේ පුර්ණ සහයෝගය සහ රජයේ සහයෝගය තමන්ට ලැබිය යුතු බවයි අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published.