පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංගා සහ ජලාශවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති බැවින් විනෝද චාරිකාවල යෙදී සිටි පිරිස් ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු බව පොලීසිය සදහන් කරයි.
මුහුදේ ද රළු ස්වභාවයක් හට ගෙන තිබීම හේතුවෙන් ජනතාව ඒ පිළිබද වැඩි අවධානයක් යොමු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසීය.
ඒ අනුව මුහුදේ මෙන්ම ගංඟා සහ ජලාශවල දිය නෑමේදී දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලැබේ.