ජැකලින් රට පනින්න හදලා

ඉන්දීය මූල්‍ය බුද්ධි අංශය අධිකරණයට දන්වයි

ඉන්දියාවේ කූප්‍රකට මුදල් වංචාකරු සුකේෂ් චන්ද්‍රසේකර්ගේ රුපියල් කෝටි 200ක මුදල් වංචාවේ විත්තිකාරිනියක බවට පත්ව සිටින සුප්‍රකට බොලිවුඩ් නිලි ජැකලින් ෆර්ඩිනැන්ඩස් විදේශ ගත වීමට උත්සාහ කර ඇතැයි එරට මූල්‍ය බුද්ධි අංශය නවදිල්ලි නුවර අධිකරණයට දැනුම් දී තිබේ. ඉන්දීය මූල්‍ය බුද්ධි අංශය එම කරුණු අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ඇගේ අපේක්ෂිත ඇප අයැදුම්පත තවදුරටත් දීර්ඝ කිරීමට විරෝධය පළ කරමිනි.

ජැකලින් කිසිවිටෙක අදාළ නඩුවට සම්බන්ධ විමර්ශනවලට සහය නොදුන් බවත්, ඇගේ ජංගම දුරකතනයේ තොරතුරු ද මකා දමා ඇති බවත් ඉන්දීය මූල්‍ය බුද්ධි අංශයේ නිලධාරින් වැඩිදුරටත් අධිකරණයට ප්‍රකාශ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. කොන්දේසි පහකට යටත්ව පසුගිය සැප්තැම්බර් මස 26 වැනිදා ජැකලින්ට ඇප ලබා දී තිබූ අතර, අධිකරණ අවසරයකින් තොරව විදෙස් ගතවීම ද තහනම් කර තිබිණි.

කෙසේවුවත් ජැකලින්ගේ අපේක්ෂිත ඇප ලබන නොවැම්බර් මස 10 වැනිදා දක්වා දීර්ඝ කිරීමට නවදිල්ලි නුවර අධිකරණය තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.