බොරිස් ජොන්සන් තරගයෙන් ඉවත්වෙයි

කොන්සර්වේටිව් පක්ෂ නායකත්වය සඳහා තමා ඉදිරිපත් නොවන බව බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් පවසයි.

නායකත්ව තරගයට ඉදිරිපත්වීම සඳහා අවශ්‍ය මන්ත්‍රීවරුන් 100 දෙනෙකුගේ සහාය තමාට තිබුණ ද ඒ සඳහා ඉදිරිපත්වීමට සුදුසු අවස්ථාව මෙය නොවන බව ඔහු පැවසීය.  

බ්‍රිතාන්‍ය අගමැති ලෙස කටයුතු කළ ලිස් ට්‍රස් පසුගියදා ඉල්ලා අස්වූවාය. ඒ ඇයගේ ආර්ථික ප්‍රතිපත්ති සඳහා ආණ්ඩුව තුළින්ම මතුවූ විරෝධය හේතුවෙනි.

බ්‍රිතාන්‍යයේ බලය කොන්සර්වේටිව් පක්ෂ සතුව ඇති අතර එහි නායකයා එරට අගමැතිවරයා ලෙස පත්වෙයි.

මේ වනවිට එම තනතුර සඳහා ඉදිරියෙන් සිටින්නේ රිශී සුනක් ය.

Leave a Reply

Your email address will not be published.