බ්‍රිතාන්‍ය කොන්සවේටිව් පක්ෂයේ නායකයා ලෙස තේරී පත්වූ රිෂී සුනක් අද (25) චාල්ස් රජු හමුවීමට බකිංහැම් මාලිගාවට ගියේය.
එහිදී චාල්ස් රජු විසින් සුනක් ට ආණ්ඩුවක් ඇතිකරන ලෙස ආරාධනා කර තිබුණි.
ඒ අනුව සුනක් බ්‍රිතාන්‍ය අගමැතිවරයා ලෙස එතැන් සිට පිළිගැනෙයි.
ඔහු එරට අගමැති 57 වැනි අගමැතිවරයා වන අතර එම තනතුරට පත්වූ ආසියානු සම්භවයක් සහිත පළමුවැනි පුද්ගලයා වෙයි.
මේ වසර තුළදී මෙතෙක් බ්‍රිතාන්‍යයේ පත්වූ තෙවැනි අගමැතිවරයා ලෙසද ඔහු ඉතිහාසගත වෙයි.