අනුමතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ගැසට් පත්ර 05ක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී සලකාබලා තිබේ.
ඒ අනුව ඉන් ගැසට් පත්ර 04ක් සඳහා මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවී ඇත.
පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා රැස්වූ රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී අදාළ ගැසට්පත්ර පිළිබඳ සිදුකළ විශ්ලේෂණයකින් අනතුරුව මෙම අනුමතිය ලබාදීම සිදුවිය.
මේ අනුව 2005 අංක 6 පනතින් සංශෝධිත 2002 අංක 14 දරන එකතුකළ අගය මත බදු පනත යටතේ නියමය සඳහන් 2282/26 දරන ගැසට් පත්රය සඳහා කාරක සභාවේ අනුමතිය හිමිවිය.
එකතුකළ අගය මත බද්ද (VAT) 12% දක්වා වැඩි කිරීමට අදාළව මෙම ගැසට් පත්රය ප්රකාශයට පත් කර තිබිණි.
2277/62 දරන අති විශේෂ ගැසට්පත්රයේ සඳහන් සුරාබදු ආඥා පනත යටතේ නියමය ද මෙහිදී සලකාබැලුණි.
රා ලීටරයක් වෙනුවෙන් රුපියල් 50ක බද්දක් අයකිරීමට අදාළව මෙම ගැසට් පත්රය පනවා තිබූ අතර අදාළ ගැසට් පත්රයට අනුමතිය ලබාදීම සිදුවිය.
අංක 2272/53 දරන අතිවිශේෂ ගැසට් පත්රයේ සඳහන් 2003 අංක 25 දරන මුදල් පනත යටතේ නියමය කාරක සභාවේ සලකාබලා අනුමතිය ලබාදීම ද සිදුවිය.
රත්මලාන ගුවන් තොටුපොළේ සිට පිටත්ව යන සෑම තැනැත්තෙකුගෙන්ම අයකරන ගාස්තුව අමෙරිකානු ඩොලර් 30 දක්වා අඩුකිරීම සඳහා මෙම ගැසට් පත්රය පළකර තිබේ.
වැඩි විස්තර පහතින්,

