පොලිස් ලොක්කෙකුගේ පුත‍්‍රයා අතුරුදහන්.. පොලිසි යයි…

බස්නාහිර පළාතේ මූලස්ථාන පොලීසියක ස්ථානාධිපති වරයෙකුගෙන් 18 හැවිරිදි පුත්‍රයා අතුරුදහන් වි තිබේ.

එම පුත්‍රයා පෞද්ගලික උපකාර පංතියකට සහභාගී වීමට ගොස් පසුගිය 24 වන දා සවස සිට අතුරුදහන් වී සිටී.

කැලණියේ පදිංචි පොලිස් ස්ථානාධිපතිවරයාගේ බිරිඳ දරුවා ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් කැලණිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්තියට සහභාගි වීමට ගිය පුත්‍රයා සවස 7.00 දක්වා පන්ති පැවැත්වෙන බව එදින සවස ඇමතුමක් දී පවසා ඇතැයිද පැමිණිල්ලේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published.