වරාය අධිකාරියට නව සභාපතිවරයෙක්…

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස මුල්‍ය හා කළමණාකාරණ වෘත්තික කීත් ඩී. බර්නාඩි මහතා, වරාය හා නාවික, ගුවන් සේවා ගරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පත් කර තිබේ.

වසර 40ක ක්‍රියාකාරී වෘත්තිකයෙකු ලෙසින් ඇසුරුම් වැවිලි, මුල්‍ය ක්‍රීඩා හා විනෝදාස්වාද, ඇඟලුම්, විදුලි සංදේශ, සෞඛ්‍ය, මාධ්‍ය නිෂ්පාදන ආදී විවිධ අංශවල ප්‍රධාන නිලධාරී සහ ක්‍ෂේත්‍ර කළමණාකරණ මට්ටමෙන් 30 වසරක අත්දැකීම් හා පලපුරුදු ඇත්තෙකි.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් වරයා ලෙසද කටයුතු කර ඇති කීත් මහතා ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවෙහි සම කළමණාකාර අධ්‍යක්‍ෂ ලෙස සේවය කළ අතර එම කාලය තුළ එම සමාගම රක්‍ෂණ අංශයේ අංක 01 ස්ථානය හිමිකර ගන්නා ලදි.

කෙටි කාලයක් සඳහා ඔහු මාර්ග සංවර්ධන අධිකාරියේ ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ ලෙසත්, අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයකු ලෙසත් ඊට අදාල ආයතන වල සභාපතිවරයා ලෙසත් කටයුතු කළේය. ඔහු රාජ්‍ය ව්‍යාවසාය සංවර්ධන අමාත්‍යාංශයේ අමාත්‍ය මණ්ඩලය පත් කළ විශේෂඥ මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ද, රාජ්‍ය මූල්‍ය ආයතන, ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන වල අධීක්‍ෂණ කළමණාකාරිත්වය සැපයීම සඳහා උපදෙස් සහ සහාය ලබාදීමේ වගකීම දරයි.

කීත් ඩී. බර්නාඩි මහතා සෞඛ්‍ය, ඇසුරුම්කරණය සහ ක්‍රීඩා, විනෝදාස්වාදය යන ක්‍ෂේත්‍ර හා සම්බන්ධිත සාමාගම් සමූහයක ප්‍රධාන මූල්‍ය උපදේශක ලෙස මෑතකදී කටයුතු කළේ ය. ඔහු ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව ලංකා රෝහල ආදී ආයතන රැසක අධ්‍යක්‍ෂ ධූර හොබවා ඇති අතර ආයතන රැසක අධ්‍යක්‍ෂ මණ්ඩල හා අනු කමිටු කිහිපයක සභාපතිත්වය දරයි. වර්තමානයේ සී/ස ජයබලු පර්යන්ත සමාගමේ ද ස්වාධීන අධ්‍යක්‍ෂවරයකු ලෙසින් කටයුතු කරයි.

වරලත් කළමණාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ ශ්‍රී ලංකා අංශයේ සභා සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති අතර වරලත් කළමණාකරණ ගණකාධිකාරිවරුන්ගේ සහ වරලත් ගෝලීය කළමණාකරණ ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ සාමාජිකයෙකි. වරලත් අලෙවිකරණ ආයතනයේ (එක්සත් රාජධානිය) සාමාජිකයෙකු ද වන අතර Business today Top Ten සම්මාන උළෙලේ ඒකාබද්ධ විනිශ්චය කරුවෙකු ද විය.

ඇබර්ඩීන් ව්‍යාපාරික පාසලේ, ඇබර්ඩින්හි රොබට් ගෝර්ඩන් විශ්ව විද්‍යාලයේ MBA උපාධිය සහ එම විශ්ව විද්‍යාලයේ ඩග්ලස් ගුර්ලේ සම්මානය හිමිකර ගත් ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ද ලබා ඇත.

කීත් බර්නාඩි මහතා කඳාන ද මැසනත් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වේ.

Leave a Reply

Your email address will not be published.