ඉලෝන් මස්ක් ට්විටර් සමාගමේ හිමිකාරීත්වය ලබාගැනීමත් සමග එම සමාගමේ සේවකයින් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඉලෝන් මස්ක් ට්විටර් සමාගමේ කළමණාකරුවන්ගෙන් ඉවත් කළ යුතු පුද්ගලයින්ගේ ලැයිස්තුවක් ද කැඳවා ඇති බව වාර්තා වේ.
මස්ක් ට්විටර් සමාගම හිමිකර ගැනීමට පෙර සිටම සමාගමේ සේවක සංඛ්‍යාව කප්පාදු කරන බවට මාධ්‍ය වාර්තා කර තිබූ අතර ඇතැම් වාර්තා පවසන්නේ සමාගමේ ශ්‍රම බලකායෙන් 75% ක් ඉවත් කරනු ඇති බවය.
ඔහු ට්විටර් සමාගම අමෙරිකානු ඩොලර් බිලියන 44ක මුදලකට මිලදීගෙන දින කිහිපයකට පසුව එම තීරණය ගෙන තිබේ.