ලබන යල කන්නයේ දී වී වගාවට අවශ්‍ය මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක ආධාරයක් ලබා දීමට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතායතනය එකඟතාවය පළ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඒ අනුව ලබන යල කන්නය සඳහා අවශ්‍ය මඩ පොහොර ගොවීන්ට නොමිලයේ ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා කියා සිටියේය.
කෙසේවෙතත් යුක්‍රේනය විසින් එම පොහොර අපනයනය අත්හිටුවා ඇති බැවින් මෙවර මහ කන්නයට එම පොහොර ලබාගැනීමට අපහසු වී ඇති බව 2022/23 මහ කන්නයට අවශ්‍ය පොහොර බෙදාහැරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
මෙවර මහ කන්නයේ දී මුලික පොහොර හෙවත් ත්‍රිත්ව සුපිරි පොහොර ලබාදීම සඳහා මුදල් ප්‍රතිපාදන සොයා ගැනීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවූ බව මහින්ද අමරවීර අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත.