රී ලන්කන් ගුවන් සේවය Sheikh Mohammed Bin Rashid Al Maktoum (SMBR) ගුවන් සම්මාන උලෙළේදී විශිෂ්ටම ගුවන් සේවා තිරසර වැඩසටහනට හිමි සම්මානය දිනා ගත්තේය. මේ සඳහා ඉදිරිපත්ව තිබූ අනෙකුත් ඉදිරිපත් කිරීම් 118ක් අභිභවා යමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ‘Mathaka’ නමින් හඳුන්වන upcycle ව්‍යාපෘතිය සඳහා මේ සම්මානය හිමි විය. ‘Mathaka’ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අපද්‍රව්‍ය සහ ඉවතලන අයිතමවලින් භාවිත කළ හැකි නිෂ්පාදන නිර්මාණය කිරීම කරයි. මේ ව්‍යාපෘතිය මඟින් ගුවන් සමාගමට ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි අපද්‍රව්‍ය නව නිෂ්පාදන බවට පරිවර්තනය කිරීමට ඉඩ සලසන අතර, එමඟින් අපද්‍රව්‍ය සහ පරිසර දූෂණයද අවම කරයි.
SMRB Global Aviation සම්මාන ප්‍රදානය කැනඩාවේ මොන්ට්‍රියල්හි පැවති ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (ICAO) 41 වැනි මහා සභා රැස්වීමේදී සිදු කරන ලදි. 2016දී පිහිටුවන ලද SMBR Global Aviation සම්මාන උලෙළ ගෝලීය ගුවන් සේවා කර්මාන්තයේ සාර්ථකත්වය සඳහා ව්‍යාපාරික සංවිධාන සහ පුද්ගලයන්ගේ දායකත්වය ඇගයීම සිදු කරයි. මෙහිදී ජයග්‍රාහකයින් තෝරා ගැනීම මෙහෙයවන ලද්දේ උපායමාර්ගික හවුල්කරුවන්ගේ ජාත්‍යන්තර කණ්ඩායමක් විසිනි.