විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අද පැවති ඉන්දියාව සහ බංගලාදේශය අතර තරගයේ දී ඩක්වර්ත් ලුවිස් ක්රමය යටතේ ලකුණු 05ක ජයක් ඉන්දියාවට හිමි විය.පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 06ක් දැවී ලකුණු 186ක් ලබා ගත්තේය.වර්ෂාවෙන් තරගයට ඇතිවූ බාධා නිසා ඩක්වර්ත් ලුවිස් ක්රමය යටතේ බංග්ලාදේශ කණ්ඩායමට ජයග්රහණය සඳහා පන්දුවාර 16කදී ලකුණු 151ක් ලබා ගැනීමට නියම විය.සිය පන්දු වාර 16 අවසානයේ දී බංග්ලාදේශ කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 06ක් දැවී ලකුණු 145කි.
2022-11-03