මගුල් ගෙදර ගිය ගමන රෝහලෙන් කෙළවර වෙයි

බගවන්තලාව කැම්පියන් වත්ත ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
විවාහ මංගල උත්සවයකට ගිය පිරිසක් රැගත් ත්‍රී රෝද රථයක් මෙලෙස අඩි 30ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අද පස්වරු 4.30ට පමණ සිදුවූ අනතුරින් ත්‍රී රෝද රථයේ රියදුරා සහ පිටුපස අසුනේ ගමන් කළ තුන්දෙනෙකු තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කෙරුණා.
පසුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි සඳහන්.
අධික බෑවුමක් සහිත මාර්ගයක ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය කියාසිටියේ.
අනතුරෙන් තුවාල ලැබූවන් අතර කාන්තාවක් ද වන අතර ඔවුන් කොටගල රෙසිටා වතුයායේ පදිංචිකරුවන්.
බගවන්තලාව පෙට්රොසෝ ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වී යළිත් නිවස දක්වා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.