කලාවැව – බලුලුවැව තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් සොයා ගත් බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
පොලීසියට ලද තොරතුරක් අනුව සිදුකළ පරික්ෂාවක දී බලුලුවැව රළපනාව මත තිබී මෙම මළ සිරුර සොයා ගෙන ඇති අතර, අදාළ පුද්ගලයා මිය ගිය ආකාරය මෙතෙක් හඳුනා ගෙන නොමැති බවයි පොලීසිය පවසන්නේ.
මරණකරු වයස අවුරුදු 50ක් පමණ වන පිරිමි පුද්ගලයකු වන අතර මළ සිරුර සොයා ගන්නා අවස්ථාව වනවිට පැවැති තත්ත්වය අනුව, ඔහු දින කිහිපයකට පෙර මිය ගොස් ඇති බවයි පොලිසිය අනුමාන කරන්නේ.
2022-11-05