අලි පැටවෙකු බෝක්කුවක සිරවී මරුට

මාස 07ක පමණ වයසැති අලි පැටවෙකු බෝක්කු බටයක් තුළ සිරවී මියගොස් සිටියදී අද (08) උදෑසන සොයාගෙන තිබේ.

පොළොන්නරුව අරලගංවිල 503 කුඩාඔය අමුණේ සිට 503 කුඹුරු යායට ජලය රැගෙන යන බෝක්කුවක එම අලි පැටවා මියගොස් සිටි බව වෙහෙරගල වනජීවී නිලධාරීන් සඳහන් කළේය.

ඊයේ (07) උදෑසන එම අලි පැටවා තවත් අලි රංචුවක් සමග කුඹුරුයායේ සැරිසරමින් සිට තිබේ.

එහිදී අලි පැටවා ඇළට වැටීමත් සමග සැඩ පහරට ගසාගෙන ගොස් බෝක්කුවේ සිරවූ බව සිද්ධිය දැක තිබූ ගොවියෙකු පැවසීය.

පසුව ඒ බව මහවැලි අධිකාරියේ විජයබාපුර මහවැලි කොට්ඨාස කාර්යාලයේ නිලධාරීන් වෙත දැනුම්දීමට ගම්වාසීන් කටයුතු කර තිබුණි.

ඒ අනුව නිලධාරීන් පැමිණ අලි පැටවා මුදාගැනීමට කටයුතු කර තිබුණත් පැය කිහිපයක් බෝක්කුවේ සිරවී සිටීම නිසා මියගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published.