ධනුෂ්කගේ නඩුව අද යළි කැඳවයි

ලේඛනවල පවතින පරස්පරතාවයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලකගේ නඩුව අද (09) යළි කැඳවීමට නියමිතව තිබේ.

මේ අතර, පැමිණිලි පාර්ශවය විසින් නඩු විභාගය මාධ්‍යට අනාවරණය නොකරන ලෙස ට ද ඉල්ලීමක් කර ඇති බව ශ්‍රී ලංකා සිඩ්නි ක්‍රිකට් ආයතනයේ සභාපති චානක සේනාරත්න මහතා පැවසුවේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“ලේඛනවල තියෙනවා පරස්පර විරෝධීතාවයක්. ඒ වගේම මාධ්‍ය කැඳවන්න එපා කියලා ඔවුන් ඉල්ලීමක් කරනවා. මොකද මාධ්‍යවේදීන් 50කට අධික සංඛ්‍යාවක් උසාවියේ ඉඳලා තියෙනවා. ඔවුන් කියනවා නඩුව මාධ්‍යවේදීන් නැතුව කැඳවන්න කියලා. නමුත් අපි කියලා තියෙන්නේ එහෙම කරන්න එපා මේකේ ඇත්ත තත්ත්වය හැමෝටම දැනගන්න ඕනේ. ඒ නිසා මාධ්‍යවේදීන්ට අවසර දෙන්න කියලා තමයි අපි කියලා තියෙන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙනුත් මූලික විරෝධතාවයක් අපිත් ගොනුකරලා තියෙන්නේ. ඒ වගේ දෙයක් තමයි කතාවෙන්නේ. මේ තියෙන තත්ත්වය අනුව ඔහුට මේ නඩුවෙන් ලේසියෙන් ගළවගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඒ අයටත් පේන්න පුළුවන්. මොකද බරපතළ නැති නිසා, හිඩැස් තියෙන නිසා. ඒ අයට තේරුම් ගියොත් මේ නඩුව ඉල්ලා අස්කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඔවුන් ඉල්ලා අස්කර ගත්තොත් කිසි ප්‍රශ්නයක් නැහැ.”

බේල් ඇප්ලිකේෂන් තීන්දුවට එරෙහිව අභියාචනයක් සුප්‍රින්කෝට් උසාවියේ ෆයිල් කරනවා. නමුත් හොයලා බලපුවාහම ඒකට කාලය යනවා වැඩී. එම නිසා අපි තීරණය කරා දෙවැනි ඇප්ලිකේෂන් එක.. බේල් ඇපිලිකේෂන් එකක් මහෙස්ත්‍රාත් උසාවියේම වෙනත් මහෙස්ත්‍රාත්වරයෙකු ඉදිරියේදී කඳවීමට ඉල්ලීමක් කරන්න. ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේස් ප්‍රාන්තයේ හිටපු ඇටෝනි ජනරාල් රේක ස්මිත් මහතා දැන් අපේ නීතිඥ මණ්ඩලයේ ආනන්ද අමරණාත් මහතාත් සමග එකතුවෙලා තියෙනවා. ඒ අය තමයි සාකච්ඡා කරලා තීරණය කළේ. දෙවන ඇප්ලිකේෂන් එකක් ෆයිල් කරමු මහෙස්ත්‍රාත් උසාවියේම අලුත් තොරතුරු සමග කියලා. ඒක බොහෝම ඉක්මනින් ගන්න පුළුවන්. මම හිතන්නේ සිකුරාදා වෙනකොට ඒක හරියනවා. එහෙම වුණොත් සිකුරාදා හෝ සඳුදා නැවතත් නඩුව ඉස්සරහට ගන්න වෙනවා. එතකොට ඒ අවස්ථාවේදී නැවතත් ප්‍රතික්ෂේප වුණොත් අපිට පුළුවන් වෙනවා සුප්‍රීන් උසාවියට ගිහිල්ලා ඇපීල් කරන්න.”

Leave a Reply

Your email address will not be published.