රන් මංජුසාවක් පුරාවිද්‍යා කැනීමකදී හමුවෙයි

ධාතුන් වහන්සේලා වැඩ සිටිතැයි සැලකෙන රන් මංජුසාවක් පොළොන්නරුව, වැලිකන්ද, කුරුළුබැද්ද ගම්මානයේ පිහිටි ඓතිහාසික කවුඩාගල ආරණ්‍ය සේනාසන භුමියේ සිදු කළ පුරාවිද්‍යා කැනීමකදී හමුවී තබේ.  

කවුඩාගල ආරණ්‍ය  සේනාසන භූමියේ දින 75ක් පුරා සිදු කළ කැනීමකදී ගල් මංජුසා හතරක් හමුවී ඇතැයි සදහන් වේ. ඉන් ගල් මංජුසා තුනක් නිදන් හොරුන් විසින් විනාශ කර තිබු අතර විවෘත නොකළ ගල් මංජුසාවක් හමුවු බව පුරා විද්‍යා නිලධාරින් සඳහන් කළේය. 

එය කවුඩාගල සිට පොළොන්නරුව පුරා විද්‍යා කාර්යලයට ගෙනවිත් පරික්ෂණ ආරම්භ කර තිබේ. එහිදී රන් මංජුසාවක් සොයා ගැනීමට හැකි වූ බව පුරා විද්‍යා නිලධාරින් පැවසීය. 

Leave a Reply

Your email address will not be published.