හෘද සාක්ෂියට එකඟව කාට ද පුළුවන් බංකොලොත් රටක ඇමතිකම් ගන්න -සජිත්

බංකොළොත් වූ රටක අමාත්‍යධුර ඇතුළු වරදාන වරප්‍රසාද ලබාගැනීමට තමා හෝ සිය කණ්ඩායමේ කිසිවෙකුත් ඉදිරිපත් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සමගි ජන බලවේගයේ කුලියාපිටිය ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගයේ කුලියාපිටිය ආසන බල මණ්ඩල රැස්වීම ඊයේ (12) පස්වරුවේ පැවැත්වුණේ එම පක්ෂයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

වැඩිදුරටත් අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා,

“අද රට තුළ ඩොලර් හිඟයක් විතරක් නෙමේ දැන් රුපියල් හිඟයකුත් තියෙනවා. ඒ තරම් බරපතළ හිඟයක් තියෙන්නේ. දැන් වර්ථමාන රජය කියනවා, රට සුරපුරයක් කරනවා කියලා. සුරපුරයක් වෙනුවට රට දැන් හොර පුරයක් කරලා, අපට කියනවා ආණ්ඩුවට එන්න කියලා.  අපිට කියනවා ඇමතිකම් ගන්න කියලා. හෘද සාක්ෂියට එකඟව කිසිම කෙනෙකුට පුළුවන්ද බංකොලොත් රටක ඇමතිකම් ගන්න. කැබිනට් ඇමතිවරු 15ක් හිටියානම් ඇති. රාජ්‍ය ඇමතිවරු 15ක් හිටියා නම් ඇති. නම් ඒ දේ මේ රජයට කරන්න බෑ. මේ ජනාධිපතිවරයා පත් කර ගත්තේ පොහොට්ටුවේ 134ක් එකතු වෙලා. ඇමතිකම් ගන්න තනතුරු ගන්න. ඒ අයට කිසිම හැඟිමක් නෑ රට ගැන පොදුජනතාව ගැන. සමගි ජන බල වේගයේ කිසිම කෙනෙක් සූදානම් නෑ රට හොරාකාපූ අයත් එක්ක ගිවිසුම් ගහගෙන ආණ්ඩු කරන්න.”

Leave a Reply

Your email address will not be published.