පොලිස් මර්ධනයේ දෑත් කළු තොප්පි දෙසට හැරෙයි‼️

Black Cap Movement සංවිධානයට එරෙහිව කොල්ලුපිටිය පොලිසිය විසින් අද (14) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ඉල්ලා තිබෙන අතර ඒ Black Cap Movement සංවිධානය විසින් කොළඹ ලිප්ටන් වටරවුමේ විරෝධතාවයක් පැවැත්වීමට නියමිත බවට සඳහන් කරමිනි.පොලිසිය විසින් මෙම වාරණ නියෝගය ඉල්ලා ඇත්තේ තම සංවිධානය විසින් එවැනි කිසිඳු විරෝධතාවයක් සංවිධානය කිරීමට සැලසුම් කර නොමැති පසුබිමක් තුල වීම විමතියට කරුණක් බව Black Cap Movement සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

පසුගිය මැයි 09 සිදුවූ පරදීම් වලට ඉඩ දී රාජකාරි පැහැර හැරීම පිළිබඳව බස්නාහිර පළාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත පවරා ඇති නඩුවේ පාර්ශව සංවිධානයක් වන Black Cap Movement වෙත මෙසේ පදනම් විරහිත ලෙස අධිකරණ වාරණ නියෝග ලබා ගැනීමට උත්සහ දැරීමෙන් තම සංවිධානය මර්ධනය කළ නොහැකි බවත් වැඩිදුරටත් ප්‍රකාශ කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

Leave a Reply

Your email address will not be published.