රුසියාවේ නිෂ්පාදිත මිසයිලයක් පෝලන්තයේ Przewodow නම් ගම්මානයට එල්ල වී තිබේ.
එම මිසයිල ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
යුක්රේනය දේශසීමා ආසන්නයේ එම ගම්මානය පිහිටා ඇති බවද වාර්තා වෙයි.
රුසියාව සහ යුක්රේනය යන රටවල් දෙකම රුසියාවේ නිෂ්පාදිත මිසයිල භාවිත කරන බැවින් කවුරුන් විසින් මිසයිලය එල්ල කර ඇද්ද යන්න මෙතෙක් තහවුරුවී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
කෙසේවෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පෝලන්තයේ රුසියානු තානාපතිවරයාව කැඳවා ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.